අන්තර්ජාලය හරහා වඩාත් බහුලව ම භාවිතා වන සේවාවක් ලෙස විශ්ව විසිරි වියමන හැදින්විය හැක. ලෝකය පුරා විසිරුණු පරිගණක තුල (Server) ගබඩා කර ඇති විද්යුත් ලේඛන (වෙබ් අඩවි) සමූහයක එකතුවක් ලෙස විශ්ව විසිරි වියමන හැදින්විය හැක. ලොව පුරා මිලියන ගණනක් වෙබ් අඩවි විශ්ව විසිරි වියමන තුළ ඇති අතර වෙබ් අඩවි තුළ ඇති තොරතුරු ලබා ගැනීම සඳහා වෙබ් අතිරික්ෂුවක් (Web Browser) භාවිතා කල යුතු ය.
වෙබ් අඩවියක් එහි පරිශීලකයන් හට ඉතා පහසුවෙන් තොරතුරු කර ළඟා විය හැකි පරිදි ක්රමවත් ව හා සැලසුම් සහගත ව සකස් කර තිබිය යුතු ය. මනාව සංවිධානය කරන ලද වෙබ් අඩවියක පහත ලක්ෂණ දැකිය හැක.