දත්ත හා තොරතුරු

දත්ත හා තොරතුරු

දත්ත යනු කුමක් ද?

කළමනාකාරුවන්ට තීන්දු හෝ නිගමන ලබා ගැනීමට භාවිතා කළ නොහැකි නමුත් ප්‍රමාණාත්මකව හෝ ගුණාත්මක වශයෙන් ප්‍රකාශ කළ හැකි දෑ දත්ත ලෙස අර්ථ දැක්විය හැක. දත්ත සඳහා ඇති නිර්වචන කිහිපයක් සලකා බලමු.

  • තොරතුරු සකස් කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය දත්ත ලෙස හැදින්වේ.
  • අර්ථාන්විත බවකින් තොර වූ දෑ දත්ත ලෙස හැදින්වේ.
  • නිගමනයන්ට යොමු වීමට නොහැකි දෑ දත්ත ලෙස හැදින්වේ.
  • කිසිදු ආකාරයකින් සකස් කිරීමකට භාජනය නොකළ සංඛ්‍යථ රූප, අකුරු, චිත්‍ර, මිනුම්, දත්ත ලෙස හැදින්වේ.
  • කළමනාකරුවන්ට තීන්දු තීරණ ගැනීමට නොහැකි ආකාරයෙන් පවතින දෑ දත්ත ලෙස හැදින්වේ.

දත්ත වල ස්වාභාවය

  • රැස්කර (ගබඩා කර) තබා ගැනීමට හැකිය.
  • සැකසීමේ හැකියාව ඇත.
  • එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත සම්ප්‍රේෂණය කළ හැක.

දත්ත වර්ගීකරණය

දත්ත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැකිවීමට හැක.

  1. ප්‍රමාණාත්මක දත්ත (Quantitative Data)
  2. ගුණාත්මක දත්ත (Qualitative Data)

ප්‍රමාණාත්මක දත්ත (Quantitative Data)

සංඛ්‍යතාමකව ඉදිරිපත් කළ හැකි ආකාරයේ දත්ත මෙම වර්ගයට අයත් වේ. ප්‍රමාණාත්මක දත්ත වල පොදු ලක්ෂන පහත දක්වා ඇත.

  • අනුපිළීවෙලකට සැකසිය හැක.
  • ගණිත කර්ම වලට භාජනය කළ හැක. (එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම)
  • සංඛ්‍යා විද්‍යාත්මකව සැකසීමට හා නිරූපණය කිරීමට හැක.

ගුණාත්මක දත්ත (Qualitative Data)

සංඛ්‍යත්මකව ඉදිරිපත් කළ නොහැකි ආකාරයේ දත්ත මෙම වර්ගයට අයත් වේ. යම් ද්‍රව්‍යයක හැඩය, වර්ණය වැනි ගුණාත්මක දෑ මෙම වර්ගයේ දත්ත වලට උදාහරණ වේ.

තොරතුරු

දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලිය දත්ත සැකසීමේ ක්‍රියාවලිය ලෙස හදුන්වනු ලැබේ.

තොරතුරක ගතිලක්ෂණ

  • තොරතුරු අර්ථාන්විත විය යුතුය.
  • තොරතුරු විශ්මය දනවන සුළු විය යුතුය.
  • තොරතුරු මගින් පෙර දැනුම යාවත්කාලීන කරයි.
  • තොරතුරු මගින් පෙර දැනුම ස්ථාවර කරයි.
  • තොරතුරු කාලීන විය යුතු අතර තීරණ ගැනීමට උපකාරී විය යුතුය.

තොරතුරක වටිනාකම හා ගුණාත්මක බව සඳහා බලපාන සාධක

  1. අදාලත්වය (Relevance)
  2. සම්පූර්ණත්වය (Completeness)
  3. නිවැරදිතාවය (Accuracy)
  4. කාලානුරූපී වීම (Timeliness)
  5. පිරිවැයට වටිනාකම් තිබීම (Economy)
  6. තේරුම්ගත හැකි වීම/ පැහැදිලි බව (Understandability)
  7. විශ්වාසනීයත්වය (Reliability)
  8. පරිශීලකයාගේ අවශ්‍යතා සපුරාලීම (Meet the user needs)

තොරතුරුවල වටිනාකම

තොරුතුරක් සඳහා උපරිම වටිනාකම ලැබෙනුයේ එම තොරතුර ලබා ගන්නා මොහොතේ ය. එනම් තොරතුරක උපරිම වටිනාකම කාලය ශුන්‍ය අවස්ථාවේ ඇති අතර කාලය ගත වීමත් සමග එහි වටිනාකම ක්‍රමයෙන් අඩු වී යයි. මෙය තොරතුරු හා බැදි ස්වර්ණමය න්‍යාය (Golden Rule of Information) ලෙස හදුන්වනු ලැබේ. එය පහත ආකාරයෙන් රූපසටහනක් මගින් දැක්විය හැක.

කාලයත් සමග තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් අඩු වී ගොස් අවසානයේ ඒවා දත්ත බවට පත් වේ.


Bookmark
Sachitha Udayakantha 891   |    0