බොහෝ පද්ධති එකිනෙකට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වන බව පෙනෙන නමුත් සියල්ල ඒවා සියල්ලම ක්‍රියාත්මක වන්නේ පොදු මූලධර්ම හා න්‍යායන් මතය. එක් පද්ධතියක් බොහෝ විට තවත් පද්ධතියක කොටසක් විය හැකිය.
පද්ධතියක් යනු ඒකායන අරමුණක් සාක්ෂාත් කරගැනීම සදහා සැලසුම් කරන ලද එකනෙක අතර අන්තර් සම්බන්ධතාවයක් හා එකිනෙක පරායත්ත අවයව සමූහයක එකතුවකි.
සෑම පද්ධතියක් ම උප පද්ධති එකක් හෝ කිහිපයකින් සමන්චිත වේ. පද්ධතිය ක්‍රියාත්මක වන සීමාව එහි මායිම වන අතර ඉන් පිටත දෑ පරිසරය හෙවත් වටපිටාව ලෙස හඳුනාගනියි. පහත දැක්වෙන්නේ පද්ධතියක් නිරූපනය කරන රූපසටහනකි.
මෙම අර්ථ දැක්වීම තව දුරටත් ගැඹුරින් සාකච්ඡා කර බලමු. ඒ අනුව සෑම පද්ධතියකම සම්පත් සමූහයක් ඇති බව පෙනී යයි. මෙම සම්පත් එකිනෙකට එක්ව පද්ධතියේ අරමුණ ළගා කිරීමට ක්‍රියා කරන බව පැහැදිලිය. ඒ අනුව පද්ධතියක අනිවාර්යෙන් තිබිය යුතු ලක්ෂණ වන්නේ,
උදාහරණයක් ලෙස අප කවුරුත් හොඳින් දන්නා බයිසිකලය ගනිමු.
බයිසිකලය පදවන්නා ආසනය මත ඉදගෙන පැඩලය කරකවමින් හැඩලය අවශ්‍ය දිශාවට යොමු කරමින් රෝද කරකවාගනිමින් අවශ්‍ය ස්ථානයට ගමන් කරයි. මෙහි බයිසිකලය පදවන්නා, ආසනය, පැඩලය ආදී සම්පත් අපට දැකගත හැකි අතර බයිසිකලය පදවන්නා මානව සම්පතකි. එම සම්පත සමග හැඩලය හා පැඩලය අතර අන්‍යෝන්‍ය ක්රියාකාරීත්වයක් ඇත. එමෙන්ම හැඩලය හා රෝද අතරද අන්‍යෝන්‍ය ක්රියාකාරීත්වයක් ඇත.
මෙලෙස, පද්ධතිය තුළ ඇති සංඝටක අතර අන්‍යෝන්‍ය ක්රියාකාරීත්වයක් හදුනාගැනීමට අපට පුළුවන. මෙම අන්‍යාන්‍ය ක්‍රියාකාරීත්වය හදුන්ගැනීම පද්ධති සම්පාදනයේ දී ඉතා වැදගත් වේ.
පද්ධතියක් සඳහා අරමුණක් තිබීම අනිවාර්ය වේ. පද්ධති සීමාව තීරණය වන්නේ පද්ධතියේ අරමුණ සමග ය. උදා: බයිසිකලයක් භාවිතා කරන අවස්ථා 3ක් සලකා බලමු.
සෑම පද්ධතියකට සීමාවක් පවතී. එම සීමාව හඳුනාගනු ලබන්නේ අදාල පද්ධතියේ සංඝටක සහ එම සංඝටක වලට අයත් නොවන ඒවා වෙන්කර හඳුනාගැනීම මගිනි.
ප්‍රධාන වශයෙන් පද්ධතිය දැකි හැකි අවස්ථා අංශ 3කි.
පද්ධතිය දැකි හැකි අවශ්‍යතා කොටස් දෙකකි.
පද්ධතිය මගින් පරිශීලකයා වෙත ලබා දෙන සේවාවන් කාර්යබද්ධ අවශ්‍යතා ලෙස හඳුන්වයි. වෙනත් අයුරකින් ප්‍රකාශ කළහොත් පරිශීලකයෙකුට පද්ධතිය භාවිතා කොට සිදුකළ හැකි කාර්යයන්, කාර්යබද්ධ අවශ්‍යතා වේ. උදාහරණයක් ලෙස බයිසිකලයක ප්‍රධාන කාර්යබද්ධ අවශ්‍යතා දෙකක හඳුනාගත හැකිය.
පද්ධතියක ඇති සීමාවන්, බාධක කර්යබද්ධ නොවන අවශ්‍යතා ලෙස හඳුන්වයි. උදාහරණයක් ලෙස බයිසිකලයට දැරිය හැකි උපරිම බර හැදින්විය හැක.
පද්ධති වර්ග කිහිපයක් දැකිය හැකිය. එම වර්ගීකරණයන් පහත දක්වා ඇත.
බාහිර පරිසරය තුළින් ආදාන ලබා ගැනීම සහ ප්‍රතිදාන බාහිර පරිසරයට නිදහන් කරන පද්ධති විවෘත පද්ධති වේ. මෙම ආකාරයේ පද්ධති බාහිර පරිසරය හා අතුරු මුහුණතක් මගින් සම්බන්ධ වේ.
උදා: මිනිස් ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, රෝහල් පද්ධතිය, පාසල් පද්ධතිය
බාහිර පරිසරයේ බලපෑම් වලින් තොරව හුදකලාව පවතින පද්ධති සංවෘත පද්ධති ලෙස හැදින්විය හැක.
උදා: මිනිස් රුධිර සංසරණ පද්ධතිය
ස්වාභාවිකව නිර්මාණය වී ඇති එමෙන්ම පරිසරය විසින් නිර්මාණය කරන ලද ආකාරයේ පද්ධති ස්වභාවික පද්ධති ලෙස හැදින්වේ.
උදා: රුධිර සංසරණ පද්ධතිය
මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද පද්ධති කෘතීම පද්ධති ලෙස හැදින්වේ.
උදා: පාසල් පද්ධතිය
ස්වයංව සංවිධෘනය වී පරිසරය සමඟ අන්තර් ක්‍රියා සිදු කරන සජීවී දෑ අඩංගු පද්ධති සජිවී පද්ධති ලෙස හැදින්වේ. එසේ නොවන සියළුම පද්ධති භෞතික පද්ධති ලෙස හැඳන්වේ.
උදා: සජිවී පද්ධති - මිනිස් රුධිර සංසරණ පද්ධතිය / භෞතික පද්ධති - පාසල් පද්ධතිය