වසර මිලියන ගණනකට පෙර විසූ මිනාසාගේ අවශ්‍යතා ඉතා සීමිත වූ අතර ආහාර හා ආරක්ෂාව ප්‍රධාන විය. ගල්වලින් සාදා ගත් ආයුධ භාවිතා කරමින් සතුන් දඩයම් කිරීම, ධාන්‍ය හා ඇට වර්ග තලා ගැනීම මෙන්ම ආරක්ෂාව සඳහාද එම ආයුධ භාවිතා කරන්නට ඇත.
හොමෝ ඉරෙක්ටස් මානවයා ගින්රදර සොයා ගැනීමත් සමඟ අලුත් අලුත් දෑ නිර්මාණය කරමින් පැමිණි මානව ශිෂ්ඨාචාරයේ මානව සංවර්ධනය උදෙසා කරන සෑම නිර්මාණයක්ම පාහේ ඉංජිනේරු තාක්ෂණවේදය මත පදනම්ව තිබේ.
තාක්ෂණික යෙදීම්වල වර්ධනයත් සමඟ විවිධ තාක්ෂණවේදී විශය ක්ෂේත්‍ර හදුනාගෙන ඇත. උදාහරණ ලෙස ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව තාක්ෂණවේදය, ආහාර තාක්ෂණවේදය, සන්නිවේදන තාක්ෂණවේදය, ප්‍රවාහන තාක්ෂණවේදය ආදී ක්ෂේත්‍ර දැක්විය හැක.
පවත්නා හෝ මතු විය හැකි තාත්වික ගැටලුවලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පය ඇතුළත් ක්‍රියාවලිය.
( ඉංජිනේරු තාක්ෂණවේදය - 1 කොටස - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)
අතීතයේ පටන් අද දක්වා වූ කාලය, තාක්ෂණයේ භාවිතයන් හා සංස්කෘතික පරිවර්තනයන් පදනම් කර ගනිමින් විවිධ යුග වලට වෙන් කරනු ලබයි. ඒවා පහත ආකාරයට දැක්විය හැක.
ගල් කැබලි, සත්ව ඇට කටු හා දැව කොටස් යොදා ගනිමින් සතුන් දඩයම් කළ හා ගල් ගුහා වාසස්ථාන ලෙස භාවිත කළ යුගය ගල් යුගය ලෙස හඳුන්වයි. ක්‍රි.පූ. 6000ට පමණ පෙර කාලය ලෙස සැලකිය හැක. ගින්දර සොයා ගැනීම හා දඩයම් කළ සතුන්ගේ මාංශ පුළුස්සා ආහායට ගැනීමේ පුරුද්ද ඇති විය.
එඬේර යුගයේ ආරම්භය ක්‍රි.පූ. 9000 පමණ කාලය යැයි සැලකේ. එඬේර යුගයේ දී සතුන් හීලෑ කර ගනිමින් ආහාර හා ප්‍රවාහන අවශ්‍යතා සඳහා භාවිතා කිරීම සිදු විය. තාවකාලික ජනාවාස බිහි වීම, ශ්රිෂ්ඨාචාර ආරම්භය සිදු විය.
කෘෂිකාර්මික යුගයේ ආරම්භය ලෙස ක්‍රි.පූ. 6000-4000 අතර කාල පරිච්ඡේදය සැලකිය හැක. මෙම යුගය තුළ සරු බිම් තෝරා ගනිමින් ස්ථිර වාසස්ථෘන හා ජානාවාස පිහිටුවා ගැනීමත, ධාන්‍ය වගා කිරීමත්, සතුන් ඇති කිරීමත් සිදු විය. දැවයෙන් සාදා ගන්නා ලද කෘෂි කාර්මික උපකරන භාවිතා කිරීමත්, සත්ව අපද්‍රව්‍ය පොහොර ලෙස භාවිතයත්, වාරි ක්‍රම යොදාගැනීමත් සිදු විය. ක්‍රි.පූ. 4000 පමණ ලෝකඩ සොයාගනීමත් සමග බොහෝ භාවිතයන් සදහා ලෝකඩ නිර්මාණ ආදේශ විය. තඹ හා ටින් මිශ්‍ර ලෝහ ලෝකඩ ලෙස හඳුන්වයි.
ක්‍රි.ව. 1500න් පමණ පසු යුගය කාර්මික යුගය ලෙස හදුනාගත හැක. විවිධ යන්ත්‍ර සූත්‍ර බිහි වීම, නව තාක්ෂණයන් සොයා ගැනීම මෙම යුගයේ දී සිදු විය. අභ්‍යාවකාශ තරණය පවා සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික ශිල්පීය ක්‍රම සොයා ගැනුණි. 1900න් පමණ පසු සන්නිවේදනයට වඩාත් වැදගත් වන බෝහෝ නව තාක්ෂණයන් සොයා ගැනුණි. වර්තමානයේ අප ජීවත් වන තොරතුරු තාක්ෂණ යුගයේ ආරම්භය සඳහා එය මහත් පිටුවහලක් විය.
යුගය | කාල පරාසය | තාක්ෂණික නිර්මාණ හා භාවිත |
---|---|---|
ගල් යුගය | ක්‍රි.පූ. 6000 හෝ ක්‍රි.පූ. 4000 පමණ තෙක් | ගින්දර, ගල් ආයුධ, සම් වලින් නිපද වූ මලු භාවිතය |
ලෝකඩ යුගය | ක්‍රි.පූ. 4000 සිට ක්‍රි.පූ. 1200 පමණ | රෝදය, කෘෂි උපකරණ, සතුන් මඟින් ප්‍රවාහනය, කරත්ත, දුනු හා ලෝහ යෙදූ ඊතල |
යකඩ යුගය | ක්‍රි.පූ. 1200 සිට ක්‍රි.ව. 500 පමණ | සෑදලය, ආරුක්කු සහිත ගොඩනැගිලි, වානේ ආයුධ |
මධ්‍ය කාලීන යුගය | ක්‍රි.ව. 500 සිට ක්‍රි.ව. 1450 | ලෝහ ආයුධ, යකඩ පාවළලු යෙදූ සෑදල, කාලතුවක්කු, රුවල් සහ හබල් නැව් |
පුනරුදය / යටත් විජිත යුගය | ක්‍රි.ව. 1450 සිට ක්‍රි.ව. 1700 | සුඛෝපභෝගී නැව්, තුවක්කු, වායු බැලුන්, යුධ නැව් |
කාර්මික විප්ලවය | ක්‍රි.ව. 1700 සිට ක්‍රි.ව. 1900 | හුමාල එන්ජිම, දුම්රිය, සරල විදුලි ධාරාව |
ලෝක යුද්ධය (1 වන හා දෙවන) | ක්‍රි.ව. 1900 සිට ක්‍රි.ව. 1950 | මෝටර් රථ, ගුවන් යානා, සබ්මැරීනය, න්‍යෂ්ටික බෝම්බ, ගුවන් විදුලි යන්ත්‍රය |
නූතන යුගය | ක්‍රි.ව. 1950 සිට ක්‍රි.ව. 2000 | පරිගණකය, රොකට්ටුව, අභ්‍යාවකාශ යානා, සූර්යය පැනල |
අභ්‍යාවකාශ තරණ යුගය | ක්‍රි.ව. 2000 සිට | ක්ලෝන, නැනෝ නිෂ්පාදන |